වෙසක් සතියට පාසල්වල බෞද්ධ වැඩසටහන් මාලාවක්.
2012 අප්‍රියෙල් 30 සඳුදා- පස්වරු 01:06
2600 වැනි ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ සැමරුම් වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 2 වැනිදා සිට පාසල් මට්ටමින් විශේෂ වැඩසටහන් මාලාවක් කි‍්‍රයාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මැයි මස 8 වැනිදා දක්වා කි‍්‍රයාත්මක මෙම වැඩසටහන් මාලාවට වෙසක් සැරසිලි නිර්මාණ, ශීල සමාදාන වැඩසටහන්, බොදු බැති ගී ප‍්‍රසංග මෙන්ම දන්සැල් ද ඇතුළත්.
වෙසක් සතිය තුළ ක‍්‍රියාත්මක කරන වැඩසටහන්වලට දායකත්වය සපයන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුභවතුන් වෙත සහතිකපත් ප‍්‍රදානය කිරීමට ද කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරුන් විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් මෙන්ම විදුහල්පතිවරුන් ද දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වුණේ.
