ලිබියාවේ හිටපු අගමැතිගේ සිරුර ගංගාවක පාවේ.
2012 අප්‍රියෙල් 30 සඳුදා- පස්වරු 02:21
ඩැනියුබ් නදියේ පාවෙමින් තිබූ ලිබියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය ෂුක‍්‍රි ගහනම්ගේ මළ සිරුර ඔස්ටි‍්‍රයානු පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මිය යන විට ඔහු වියානා නුවර පිහිටි සමාගමක උපදේශකවරයෙකු ලෙස සේවය කරමින් සිට ඇති බවයි.
මළ සිරුර හමුවන අවස්ථාවේ එහි කිසිදු කැපුම් තුවාලයක් දක්නට නොලැබුණු බව ඔස්ටි‍්‍රයානු පොලිසිය සඳහන් කළා. ලිබියානු හිටපු නායක මුහම්මර් ගඩාෆිගේ පාලන සමයේ ආණ්ඩු විරෝධී කැරැල්ලක් පැන නැගුණු අවස්ථාවේදී රටින් පලා ගිය ෂුක‍්‍රි ගහනම් ඔස්ටි‍්‍රයාවේ ජිවත් වී තිබෙනවා.
වියනා නුවර සිය නිවහනෙන් ඊයේ නික්මුණු ලිබියාවේ හිටපු අගමැතිවරයාගේ මළ සිරුර ඩැනියුබ් ගංගාවේ පාවෙමින් තිබියදී සොයා ගැනුණා. ඔහු රෝගී තත්ත්වයකින් ගඟට වැටුණා ද නැතිනම් කිසිවෙකු ගඟට තල්ලූ කර ඇද්දැයි සෙවීමට පොලිස් පරීක්ෂණවලදී අවධානය යොමු වනවා.
