කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වර්ධනයක්.
2012 මැයි 01 අඟහරුවාදා- පෙරවරු 07:39
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අපේ‍්‍රල් මාසය තුළ 6.1 % කින් වර්ධනය වී තිබෙනවා. 2011 වසර හා සසඳන විට මාර්තු මාසයේ එම වර්ධන වේගය පැවතුනේ 5.1 % ක් ලෙසයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අපේ‍්‍රල් මාසයේදී ඒකක 159.8 දක්වා ඉහළ ගියා. ආහාරපානවල මිල එහිදී 1 %කින් ඉහළ ගිය අතර, ආහාර නොවන ද්‍රව්‍යවල මිල ගණන් සියයට දශම එකකින් ඉහළ ගොස් තිබෙනවා. 2011 වසරේ පළමු කාර්තුව තුළ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ ගිය අතර මේ වසරේ එම තත්ත්වය දක්නට නොලැබෙන බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙන්නේ. පසුගිය මාස 12 සැලකූ විට ආහාර මිල දර්ශකය ඉහළ ගොස් ඇත්තේ සියයට දශම දෙකකින්. එම කාලය තුළ ආහාර නොවන පාරිභෝගික ද්‍රව්‍යවල මිල 11.3% කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඉන්ධන, විදුලි සහ ප‍්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසයි.
