හිරු සිරිපා කරුණාව නල්ලතන්නියට.
2012 මැයි 04 සිකුරාදා- පස්වරු 06:14
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් අද (04) උදෑසන ගමන් ආරම්භ කළ මෑත ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාව මේ වන විට නල්ලතන්නිය ප‍්‍රදේශයට ළගා වී තිබෙනවා. මෙවර වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ සුපින්බර වන්දනා චාරිකාවට මෙවර ද එක්වන්නේ රට පුරා විසිරුණු හිරු ශ‍්‍රාවකයන්. ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සැලසීමට හිරු එෆ්.එම්. කටයුතු යොදා තිබෙනවා. දිවයිනේ ස්ථාන කිහිපයකින් ගමන් ආරම්භ කළ හිරු සිරිපා කරුණාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගන්නවා නල්ලතන්නියේ රැදී සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප‍්‍රසාද්.
