කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල ඉහළට.
2012 මැයි 04 සිකුරාදා- පස්වරු 06:26
සිමෙන්ති මිල රුපියල් 70කින් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇතැයි සමූපාකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළා. මීට අමතරව අද (04) මධ්‍යම රාත‍්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ද ඉහළ නැංවීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑමයක් රුපියල් 163කින් ඉහළ නැංවෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මෙසේ කිරිපිටි මිල ඉහළ යාම පිළිබද අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළ අමාත්‍යවරයා.
මීට අමතරව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ද අද (04) මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 350කින් ඉහළ දමා තිබෙනවා. ඊට හේතුව පැහැදිලි කළ අමාත්‍යවරයා.
කෙසේ වෙතත් කම්කරු දිනය සමරා දින 2 ක් යන්නට මත්තෙන් නැවතත් රජය ජනතාව මත බදු බර පටවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරන්නේ නැවතත් රජය ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගයක නියැලෙන බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.
