සංගක්කාර, මහේල සහ ඩිල්ශාන්ට අවධානමක්.
2012 මැයි 04 සිකුරාදා- පස්වරු 06:43
2015 දී පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ශාන් ක‍්‍රීඩා කිරීමේ අවධානමක් පවතින බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරිම් කමිටු හිටපු සාමාජික අමල් ද සිල්වා පවසනවා. කි‍්‍රකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිරු ප‍්‍රවෘත්ති අංශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ. තේරීම් කමිටු සාමාජිකයින් තරග නැරඹීමට ක‍්‍රීඩා පිටිය වෙත නොපැමිණීම සාමාන්‍ය දෙයක් බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
