සර්ව පාක්ෂික වාර්තාව ගැන ඉන්දීය රජය අවධානයෙන්.
2012 මැයි 04 සිකුරාදා- පස්වරු 06:56
පසුගිය දා මෙරට සංචාරය කළ ඉන්දීය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත පිරිස විසින් සකස් කළ වාර්තාව එරට මධ්‍යම රජය වෙත භාර දී තිබෙනවා. එම වාර්තාව දැඩි අවධානයෙන් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. කි‍්‍රෂ්ණා ප‍්‍රකාශ කළේ. එරට පාර්ලිමේන්තුව අද (04) රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ඉන්දියානු සර්ව පාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ ශ‍්‍රී ලංකා සංචාරය තමන් වැදගත් එකක් ලෙස සලකන බවයි. ඔවුන් ශ‍්‍රී ලංකාවේ දෙමළ කථා කරන ජනතාව වාසය කරන සෑම ප‍්‍රදේශයකටම ගොස් ලබා ගත් තොරතුරු මත පදනම්ව මෙම වාර්තාව සකස් කර ඇති බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා සිටියා. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සහ ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් ඉන්දීය රජය කි‍්‍රයා කළ යුතු ආකාරය පිළිබදව මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා එරට මාධ්‍යවේදීන් අමතමින් තවදුරටත් සඳහන් කර ඇත්තේ.
