චෙන්නායිට තවත් ජයක්.
2012 මැයි 05 සෙනසුරාදා- පෙරවරු 08:41
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය යටතේ ඊයේ (04) පැවැති චෙන්නායි සුපර් කිංග්ස් සහ ඩෙකෑන් චාර්ජස් අතර තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඩෙකෑන් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150ක් පමණයි. ඩෙකෑන් කණ්ඩායම වෙනුවෙන් කැමරන් වයිට් ලකුණු 77ක් ලබා ගත් අතර නායක කුමාර් සංගක්කාරට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.
