ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් උණුසුම් තරඟ දෙකක්.
2012 මැයි 05 සෙනසුරාදා- පස්වරු 06:44
ඉන්දීය ප‍්‍රිමියර් ලිග් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා. එයින් පළමු තරඟය පැවැත්වෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පූනේ වොරියර්ස් කණ්ඩායම් අතරයි. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දෙන කොල්කටා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 දැවී ලකුණු 150 ලබාගත්තා. අද (05) දෙවන තරඟය පැවැත්වෙන්නේ කිංග්ස් ඉලෙවන් පංජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතරයි.
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ සමස්ත ලකුණු සටහන අනුව දැනට ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පෙරමුණේ පසුවනවා. දෙවන ස්ථානය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමිව ඇති අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
