සබරගමුවේ සහ දකුණේ කුඩා තේවතුවලට වැඩි ඉඩක්.
2012 මැයි 07 සඳුදා- පෙරවරු 07:32
සබරගමු සහ දකුණු පළාත්වල කුඩා තේ ඉඩම්වලින් වැඩ ඵලදායීතාවයක් ලබාගැනීම කෙරෙහි කුඩා තේවතු සංවර්ධනය අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව තේ නැවත වගාවට ගොවීන් දිරිමත් කිරීමට සැළසුම් කර ඇති බවයි අධිකාරිය පෙන්වා දෙන්නේ. වගා සහනාධාර වැඩිකිරිමට හා ක්ෂේත‍්‍ර චාරිකා මගින් නැවත වගාවට යෝග්‍ය ඉඩම් හඳුනා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. පැල, පොහොර වගා උපදෙස් ආදියද අධිකාරියෙන් සපයාදීමට කටයුතු සම්පාදනය කෙරේ. සබරගමුව සහ දකුණු පලාත්වල තේ වගාවෙන් වැඩි ඵලදායීතාවයක් ලබාගැනීම මගින් රටට වැඩි විදේශ විනිමයක් උපයා ගැනීම මෙහි අරමුණ බව අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
