පූටින් රුසියානු ජනපති ලෙස අද දිව්රුම් දෙයි.
2012 මැයි 07 සඳුදා- පෙරවරු 09:02
රුසියානු නව ජනාධිපතිවරයා ලෙස ව්ලැඩිමීර් පුටින් අද දිවුරුම්දීමට නියමිතයි. ඔහු රුසියානු ජනාධිපතිවරයා ලෙස අද දිව්රුම් දෙන්නේ තුන්වන වතාවටයි. කෙසේ වුවත් පුටින්ගේ දිව්රුම් දීමට විරෝධය පළ කරමින් ඊයේ මොස්කව් නුවර උද්ඝෝෂණ රැසක් සංවිධානය වී තිබෙනවා. එම උද්ඝෝෂණවලට 20000 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ වනවිට උද්ඝෝෂණ සංවිධානය කළ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. උද්ඝෝෂණකරුවන් සඳහන් කරන්නේ ව්ලැඩිමීර් පුටින්ගේ නව පත්වීම නීතිවිරෝධී බැවින් යළිත් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසයි.
