ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් අගෝස්තු 10 සිට 31 දක්වා.
2012 මැයි 10 බ්‍රහස්පතින්දා- පස්වරු 06:16
ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය ලබන අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අද (10) නිවේදනය කළා. තරගාවලිය කොළඹ සහ මහනුවර පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බව ද එහි සඳහන්. කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ සහ පල්ලේකැලේ ජාත්‍යන්තර කිී‍්‍රඩාංගනයේ තරග පැවැත්වෙනු ඇති.
පළමු අදියරේදී පළාත් කණ්ඩායම් 7 ක් මෙම තරගාවලියට එක්වනු ඇති. බස්නාහිර බෙයාස්, කඳුරට කයිට්ස්, නැගෙනහිර නාගස්, රුහුණු රයිනෝස්, උතුරු ඔරික්සස්, ඌව යුනිකෝන්ස් සහ වයඹ වුල්ෆ්ස්, මෙම කණ්ඩායම් හතයි. එක් කණ්ඩායමකට විදේශීය ක‍්‍රීඩකයන් 6 දෙනෙකු පමණක් ඇතුළත් කළ හැකි අතර ඉන් සිව් දෙනෙකු සෑම තරගයකටම සහභාගි විය යුතු වනවා. අනෙක් ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලාංකිකයන් විය යුතු අතර ඔවුන්ගෙන් එක් අයෙකු අවුරුදු 21කට වඩා අඩු විය යුතු බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සඳහන් කළේ. තරගාවලියට අදාළව පැවැත්වෙන තරග 24 ම ලොව පුරා සජිවිව විකාශනය කිරිමට කටයුතු යොදා තිබෙනවා.
