තේ මිශ‍්‍රණය සම්බන්ධයෙන් විවිධ මත.
2012 මැයි 10 බ්‍රහස්පතින්දා- පස්වරු 06:18
විදේශ රටවලින් ගෙන්වන තේ, මෙරට තේ සමග මිශ‍්‍ර කර අපනයනය කළ යුතු බවට ඉදිරිපත්වී ඇති යෝජනාව තේ ක්ෂේත‍්‍රයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා. තේ කවුන්සිලයට ඉදිරිපත්වී ඇති මෙම යෝජනාවට කුඩා තේවතු හිමියන් මෙන්ම මෙරට තේ නිෂ්පාදකයින් පළ කරන්නේ දැඩි විරෝධයක්. හිරු ප‍්‍රවෘත්ති අංශය සමග අදහස් දැක්වූ කුඩා තේවතු හිමියන්ගේ සංගමයේ සභාපති නෙවිල් රත්නායක කියා සිටියේ මෙම යෝජනාව කි‍්‍රයාත්මක වුවහොත් මෙරට තේ කර්මාන්තයට එය දැඩි බලපෑමක් සිදුකරනු ඇති බවයි.
තේ කවුන්සිලයට මෙම යෝජනාව ඉදිරිපත් කළ තේ අපනයනකරුවන්ගේ සංගමයෙන් ද හිරු ප‍්‍රවෘත්ති අංශය මේ පිලිබඳව විමසීමක් කළා. මේ, එහි සභාපති නිරාජ් ද මෙල් සමග හිරු ප‍්‍රවෘත්ති අංශය සිදුකල සංවාදයයි.
