කොරියාවේදී මියගිය ශ‍්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ අද දිවයිනට.
2012 මැයි 11 සිකුරාදා- පෙරවරු 07:12
කොරියාවේ බූසාන් නගරයේදී මියගිය ශ‍්‍රි ලාංකික තරුණයින් තිදෙනාගේ මෘත දේහ අද (11) දිනයේදි දිවයිනට ගෙන ඒමට නියමිතයි. ඒ අනුව, අද පස්වරු 2.25 ට මෙරටට ළගා වන ජී.ටී. 695 ගුවන් යානයෙන් සහ මධ්‍යම රාත‍්‍රියේ පැමිණෙන ජී.ටී. 307 ගුවන් යානා මගින් එම මෘතදේහ මෙරට ගෙන එන බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා. කොරියාවේ බූසාන් නගරයේ රාත‍්‍රී සමාජ ශාලාවක් තුළ පසුගියදා හදිසියේ ඇති වූ ගින්නකින් ශ‍්‍රී ලාංකික තරුණයන් තිදෙනෙකු ඇතුළු තවත් 9 දෙනෙකු මියගියා. එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 20 ක්. මියගිය ශ‍්‍රී ලාංකීය තරුණයින් තිදෙනා මහියංගනය, දෙණියාය සහ ගෝනපල ප‍්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර කුවේටය සහ ශ‍්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට ඊයේ අත්සන් කරනු ලැබුවා. ඒ දෙරට අතර මිනිස්බල හුවමාරුව, රැකියා සහ පුහුණු ක්ෂේත‍්‍ර සංවර්ධනය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක ඉදිරි අනාගත අභිවෘද්ධිය සඳහායි. මේ වසරේ ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් අවසානය දක්වා කාලය තුළ ගෘහ සේවිකාවන් 10,535 ක් කුවේට් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර ඔවුන්ගෙන් 8113 ක් ගෘහ පාලිකාවන්. 2011 වසරේදී මෙරට ශ‍්‍රමිකයන් 34,327 දෙනෙකු කුවේට් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා. කුවේට් කම්කරු අමාත්‍යවරයා සමග ඊයේ අත්සන් කරනු ලැබූ ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා.
