මැතිවරණ පැවැත්වීම වළක්වන්න පියවර ගන්න එපා. රනිල්.
2012 මැයි 11 සිකුරාදා- පෙරවරු 07:14
මින් ඉදිරියට කිසිදු මැතිවරණයක් පැවැත්වීම වළක්වන ආකාරයෙන් අධිකරණ නියෝග ගැනීමෙන් වලකින ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් වෙත විපක්ෂ නායකවරයා විසින් නියෝගයක් නිකුත් කොට තිබෙනවා. පසුගියදා උතුරු මැද පළාත් සභාව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ලබාගත් අධිකරණ නියෝගයෙන් පසුවයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මෙම තීරණය ගෙන ඇත්තේ. ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සියලූදෙනා සූදානම් විය යුතු බවද විපක්ෂ නායකවරයා සිය පක්ෂයේ නියෝජිතයින්ට අවධාරණය කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ පැවැත්වීම වළක්වන ආකාරයේ පියවර ගැනීමෙන් වළකින ලෙස ඔහු නියෝග කොට ඇති බව සඳහන්.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සියලූම ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කැඳවා තිබෙනවා. පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේ අරමුණ වන්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා පක්ෂයේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීමයි.
