රතු කුරුසිය පාකිස්ථානයේ මෙහෙයුම් සීමා කරයි.
2012 මැයි 11 සිකුරාදා- පෙරවරු 07:52
පාකිස්ථානයේ විශාලතම නගර දෙකක් වන පේෂාවර් සහ කරච්චියේ සිය මානුෂීය ක‍්‍රියාකාරකම් අත්හිටුවීමට අන්තර්ජාතික රතු කුරුස කමිටුව ඊයේ (10) තීරණය කළා. රතු කුරුස සංවිධානය යටතේ සංවිධානය කළ බි‍්‍රතාන්‍ය ජාතික හෙද නිලධාරියෙකු පාකිස්ථානයේදී ඝාතනයට ලක්වීම ඊට හේතුවයි. මීට මාස 4 කට පෙර පැහැරගනු ලැබූ කලීල් ඬේල් නැමති මෙම හෙද නිලධාරියාගේ ගෙළ සිඳිනු ලැබූ සිරුර පසුගිය අපේ‍්‍රල් 29 වැනිදා හමුවුණා. සිය කාර්ය මණ්ඩලවලට එල්ලවන ප‍්‍රහාර හේතුවෙන් පාකිස්ථානයේ මෙහෙයුම් අත්හිටුවීම පිළිබඳව මානුෂීය සංවිධාන රැසක අවධානය යොමුවී ඇති බව සඳහන්. පාකිස්ථානයේ සිය මෙහෙයුම් පිළිබඳ වැදගත් තීරණයක් ඉදිරි සති කිහිපය තුළ ප‍්‍රකාශයට පත්කරන බවයි අන්තර් ජාතික රතු කුරුස කමිටුව ප‍්‍රකාශ කළේ.
