බිපාෂාට නිවාඩුවක්.
2012 මැයි 11 සිකුරාදා- පෙරවරු 07:55
පසුගිය දවසක බිපාෂා බාසු සයිප‍්‍රස් ගියා. ගියේ නම් රේස් 2 චිත‍්‍රපටියේ රූගතකිරීම්වලට. ඒත් හදිසියේම ඇය තීරණය වෙනස් කරලා. පසුගිය කාලෙම බිපාෂා ? දවල් බලන්නැතුව එක දිගට මහන්සි වුණානේ. ඉතින් ඇයට පොඩි නිවාඩුවක් ගන්න ඕන වෙලා. ඉන්දියාවේ හිටපු බිපාෂාගේ යාළුවන්වත් සයිප‍්‍රස්වලට ගෙන්නගෙනයි ඇය මේ නිවාඩුව ගත කරලා තියෙන්නෙ. හැබැයි සමහරු නම් කියන්නේ බිපාෂා රූගතකිරීම් අවලංගු කරලා හදිසියේම නිවාඩුවක් ගත්තේ ජෝන් ඒබ‍්‍රහම් නිසාලූ. ජෝනුත් රේස් 2 චිත‍්‍රපටියේ රඟපානවානේ. ඉතින් ඔහුත් සයිප‍්‍රස්වලට ඇවිත්. පරණ පෙම්වතාව දැක්කම බිපාෂාට දුක හිතිලා.
