උගත් පාඩමේ නිර්දේශ කරන හැටි මෙන්න.
2012 මැයි 13 ඉරිදා- පස්වරු 06:58
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකඟවන, උගත් පාඩම් වාර්තාවේ නිර්දේශ පමණක් කි‍්‍රයාත්මක කිරිමට රජය තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක ප‍්‍රකාශ කළා. උගත් පාඩම් නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතු ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් එම පක්ෂවලට දැනටමත් දැනුම්දී තිබෙනවා. එම වාර්තාවන් ලැබුණු පසු ඒවා ක‍්‍රියාත්මක කිරිමේ වගකීම ජනාධිපති ලේකම්වරයා වෙත පවරා ඇති බවයි අමාත්‍යවරයා හිරු ප‍්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් සඳහන් කළේ.
