පූනේ වොරියන්ස් 69/5යි.
2012 මැයි 13 ඉරිදා- පස්වරු 07:33
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියට අදාළව අද (13) දිනයේ දී තරග දෙකක් පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ පූනේ වොරියන්ස් කණ්ඩායම අතරයි. එහි ප‍්‍රථමයෙන් පන්දුව පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තා. රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් අජින්කා රහානි ලකුණු 61ක් ලබා ගත් අතර ශේන් වොට්සන් ලකුණු 58ක් තම කණ්ඩායමට එක් කළා. පන්දු යැවීමේදී පූනේ වොරියන්ස් කණ්ඩායමේ අෂීස් නෙහෙරා ලකුණු 23කට කඩුලූ 3ක් බිද හෙලූ අතර ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක් ලබා ගත්තා. මේ වන විට පිළිතුරු ඉනිම ආරම්භ කර ඇති පුනේ වොරියන්ස් කණ්ඩායම කඩුලූ 5ක් බිඳ වැටී ලකුණු 69ක් ලබා සිටිනවා. කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ ඩෙකෑන් චාර්ජස් කණ්ඩායම අතර දෙවැනි තරගය මොහාලි හිදී ආරම්භ වනවා.
