ගනේමුල්ල - කඩවත හරස් මාර්ගයේ දුම්රියක් නතර වේ.
2012 මැයි 13 ඉරිදා- පස්වරු 09:06
ගනේමුල්ල - කඩවත දුම්රිය හරස් මාර්ගයේ දුම්රියක් නතරවීම හේතුවෙන් දුම්රිය සහ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ගනේමුල්ල දුම්රිය ස්ථානය සඳහන් කළේ ගනේමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ හට ගත් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ නතර වී ඇති බවයි. මේ හේතුවෙන් ගනේමුල්ල - කඩවත ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. මීට අමතරව දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. දුම්රිය ඉවත් කිරීම සඳහා තාක්ෂණික ශිල්පීන් කණ්ඩායමක් එම ස්ථානයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
