මැණික් ඔපමට්ටම් කරන්න නව තාක්ෂණය.
2012 මැයි 14 සඳුදා- පෙරවරු 08:08
ජාතික මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයට නව තාක්ෂණය හඳුන්වාදීමට එම අධිකාරිය පියවර ගෙන තිබෙනවා. හඳුනාගත් ප‍්‍රදේශවලට නව තාක්ෂණික උපකරණ ලබාදීමට පියවර ගෙන ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් බණ්ඩාර සඳහන් කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ගිය වසරේදී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3කට මෙම උපකරණ ලබාදුන් අතර මෙම වසරේදී එම කටයුතු පුළුල් කිරිමට පියවර ගන්නා බවයි. මෙයින් නිෂ්පාදන තත්ත්වය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමත්, අපනයනය මගින් විදේශ විනිමය ලබා ගැනීමත් අපේක්ෂිතයි.
