සහනාධාර මැද සංවර්ධනය දිගටම. - ජනපති.
2012 මැයි 14 සඳුදා- පස්වරු 07:14
වැඩි බරක් දරමින් අධ්‍යාපනය සහ සෞඛ්‍යය සේවා ජනතාවට ලබාදෙන රටවල් අතර ශ‍්‍රී ලංකාව පෙරමුණ ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සඳහා අරලියගහ මන්දිරයේ අද (14) පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ එලෙස ලබාදෙන සහනවල සීමාවක් පැවතිය යුතු බවයි. ජනතා සහන ලබාදෙන අතරතුර රටේ සංවර්ධන කටයුතු ද අතපසු කළ නොහැකි බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ.
ජනතාවගෙන් ඉටු විය යුතු වගකීමක් පිළිබදව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.
