බැංගලෝර් 6/171යි.
2012 මැයි 14 සඳුදා- පස්වරු 08:00
මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 තීරණය කිරීම සඳහා ඉවහල් වන තවත් තරගයක් බැංගලෝරයේදී දැන් පැවැත්වෙනවා. මුම්බායි ඉන්දියන් පිළ සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම තරගයේ ආරම්භය, ක‍්‍රීඩාංගණයට වැසි ඇද හැලීම නිසා ප‍්‍රමාද වුණා. පසුගිය තරගයකදී කි‍්‍රස් ගේල්ගේ හයේ පහරකින් නාසය තුවාල වූ ටියා නැමැති 11 හැවිරිදි කුඩා දැරිය ද කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේදී ක‍්‍රීඩාංගනය මැදට පිවිසීම විශේෂ සිද්ධියක්. කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් පිළ පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස බැංගලෝර් පිළට ආරාධනා කළා. බැංගලෝර් කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරු කි‍්‍රස් ගේල් ලකුණු 6කට දැවී ගිය අතර, ලකුණු සංඛ්‍යාව 11ක්ව තිබියදී විරාට් කෝලි ද ලකුණු 3කට දැවී ගියා. කෙසේ නමුත් තිලකරත්න ඩිල්ශාන් සහ මයන්ක් අගරවාල් බැංගලෝර් ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට සමත් වුණා. පන්දු වාර 20 අවසානයේදී බැංගලෝර් පිළ කඩුලූ 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 171 ක්. අගරවාල් පන්දු 30කදී 6 පහර 4ක් සමග නොදැවී ලකුණු 64ක් රැස් කළ අතර තිලකරත්න ඩිල්ශාන් 47ක් ලබා ගත්තා.
