ඇමරිකානු හමුදාවන්ට නව ප‍්‍රහාරක යානයක්.
2012 මැයි 14 සඳුදා- පස්වරු 08:05
ඇමරිකානු ගුවන්, නාවුක සහ මැරීන් බලකායන් සඳහා එෆ් - 35 වර්ගයේ නවීන පන්නයේ ප‍්‍රහාරක යානා ලබාදීමට පෙන්ටගනය සැලසුම් කරනවා. තනි එන්ජිමකින් සමන්විත 5 වන පරම්පරාවේ ප‍්‍රහාරක ජෙට් යානාවක් වන එෆ් - 35 සතුරු රේඩාර්වලින් මිදී ඉලක්කයන් කරා යාමට සමත්. චීනය විසින් 5 වන පරම්පරාවේ ජෙට් යානයක් සිය හමුදාවන්ට එක් කිරීම ද ඇමරිකාව නවීන පන්නයේ ප‍්‍රහාරක යානා ලබා ගැනීමට එක් හේතුවක්. ඇමරිකානු පෙන්ටගනය විසින් මෙවැනි ජෙට් යානා 2443ක් සිය හමුදාවන්ට ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම නව යානය සංවර්ධනය කිරීමේ අනෙකුත් පාර්ශවකරුවන් ද ඉදිරියේදී එෆ් - 35 ප‍්‍රහාරක යානාවලින් සන්නද්ධ වනු ඇති. ඕස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍යය, කැනඩාව, ඩෙන්මාර්කය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ සහ තුර්කිය මෙම නවීන යානය සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය දායකත්වය දක්වා තිබෙනවා. ඊට අමතරව ජපානය සහ ඊශ‍්‍රායලය වෙත ද එෆ් - 35 ප‍්‍රහාරක යානා ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
