ඉසෙඞ් ස්කෝර් ගැන අද තීරණයක්.
2012 මැයි 15 අඟහරුවාදා- පස්වරු 06:49
පසුගිය උසස් පෙළ විභාගයේ ගැටළු සහගත තත්ත්වයක් මතුවූ ඉසෙඞ් ස්කෝර් අගයන් සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. අමාත්‍යවරයා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය සම්බන්ධයෙන් විවිධ මත පැවති බවයි. ඉසෙඞ් ස්කෝර් අගයන් වෙන වෙනම ගණනය කර ඒ අගයන් මත සරසවියට බඳවා ගැනීම ඉන් එක් මතයක්. වෙන වෙනම ගණනය කර, මීට පෙර පැරණි සහ නව නිර්දේශවලින් සරසවියට බඳවාගෙන ඇති අනුපාතයන් අනුව මෙවරද ක‍්‍රියා කිරීම තවත් මතයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් පසුව විද්වත් කමිටුවක් පත්කර නව ක‍්‍රමයක් සකස් කරනු ලැබුවා. එහෙත් එය මතබේදකාරී තත්ත්වයකට තුඩුදුන් අතර ඉන් අනතුරුවයි නව කමිටුවක් පත්කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත්තේ. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කළ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සඳහා අළුතෙන් ඇතුලත්වන සිසුන්ට මෙතෙක් පැවති ප‍්‍රායෝගික පරීක්ෂණය අහෝසි කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති බවයි.
