වැඩ වරද්දා ගත් අයි.පී.එල්. ක‍්‍රීඩකයෝ ගෙදර.
2012 මැයි 16 බදාදා- පෙරවරු 08:25
ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තරග පාවා දීමේ චෝදනාව ලැබූ ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩකයින් 5 දෙනෙකුට තරග තහනමක් පැනවීමට ඉන්දීය පි‍්‍රමියර් ලීග් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව පුනේ වොරියර්ස් කණ්ඩායමේ මොනිෂ් මිශ්රා, ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ ටී.පී. සුධීන්දර්, කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ ශී‍්‍රවාස්තව, අමිත් යාදව් සහ අභිනව් බාලි මෙලෙස තරග තහනමට ලක්වූ ක‍්‍රීඩකයින් පස්දෙනායි. මෙම ක‍්‍රීඩකයින් හට ඉන්දීය කණ්ඩායම නියෝජනය ද තහනම් කිරීමට බලාපොරොත්තු වන බව අයි.පී.එල්. තරග ප‍්‍රධානී රජිව් ශකුලා පවසනවා. අයි.පී.එල්. තරග මාලාවේ ඊයේ (15) පැවැති තරග පිළිබද තොරතුරු ඇතුළත් හිරු ක‍්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.
