එ.ජා.ප.යෙන් 10,000 සන්නිවේදන බලකායක්.
2012 මැයි 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:17
සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම එක් සන්නිවේදන නිලධාරියෙකු බැගින් සන්නිවේදන බලකායක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබෙනවා. පක්ෂයේ පණිවිඩය ගමට සන්නිවේදනය කිරීම සඳහා මෙම බලකාය පිහිටුවීමට තීරණය කළ බවයි එම පක්ෂයේ සන්නිවේදන අංශ ප‍්‍රධානී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර කියා සිටියේ. ඒ අනුව මුලින්ම දස දහසක සාමාජිකයින් සැදුම්ලත් දිවයිනම ආවරණය වන සන්නිවේදන බලකායක් පිහිටවනු ඇති. මෙහි දෙවන අදියර යටතේ එක් ඡන්ද මධ්‍යස්ථානයකට දස දෙනෙකු බැගින් සන්නිවේදන කමිටු පිහිටුවා සන්නිවේදන බලකාය ලක්ෂය දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බවයි මංගල සමරවීර මන්ත‍්‍රීවරයා සඳහන් කළේ. මෙම බලකාය විසින් සිය පණිවිඩය සන්නිවේදනය කිරීම සඳහා වාචික මාධ්‍ය යොදාගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
