නාරාහේන්පිට රියක් තුළ අළුවු මළ සිරුරක්.
2012 මැයි 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:20
නාරාහේන්පිට උද්‍යාන පාරේ මෝටර් රථයක් තුළ දැවී අළුවී තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද උදෑසන සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.
හලාවත මහ රෝහලේ සේවය කළ තරුණ වෛද්‍යවරියක් එන්නතක් විෂවීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙම වෛද්‍යවරිය රාජකාරි අවසන්ව සිය නිවසට ගොස් ඇති අතර එහිදී කිසියම් එන්නතක් එන්නත් කරගැනීමෙන් පසුව එය විෂවීමෙනුයි මෙම මරණය සිදුවී ඇත්තේ. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ වෛද්‍යවරිය විෂ එන්නතක් එන්නත් කරගැනීමෙන් සියදිවි හානිකරගෙන ඇති බවට සැක කෙරෙන බවයි.
මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චන්දන කලංසූරියගේ මුහුදුකටුව ප‍්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ පස්වරුවේ අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ පස්වරු 8 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම අත් බෝම්බ ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි. කෙසේ වෙතත් එම අත් බෝම්බය පුපුරා ගොස් නැහැ. මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ලවීම සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සහකාර පොලිස් අධිකාරීවරයෙක්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් රහස් පොලිස් කණ්ඩායමකට බාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.
