ජනපති සහ අනෝමා සාකච්ඡාවක.
2012 මැයි 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:21
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා බිරිඳ වන අනෝමා ෆොන්සේකා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුව් පැවැත්වී තිබෙනවා. සිය නිවෙසේදී එම සාකච්ඡාව පැවැත්වුණු බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි මන්ත‍්‍රීවරයා සඳහන් කළේ. ඊයේ (16) උදෑසන ජනාධිපතිවරයා සහ ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා අතර පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු කරුණු සම්බන්ධයෙන් අනෝමා ෆොන්සේකා සමග පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් සාකච්ඡා කළ බව ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා කියා සිටියා. ඒ අනුව සරත් ෆොන්සේකා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියා.
