කොළඹ - රිමාන්ඞ් බන්ධනාගාරයේ කොටි රැඳවියන් 80 ක් උපවාසයේ.
2012 මැයි 17 බ්‍රහස්පතින්දා- පස්වරු 06:46
කොළඹ - රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් විසින් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. අද (17) උදෑසන සිට ආහාර වර්ජනය කරමින් රැඳවියන් 80 දෙනෙකු පමණ උපවාසයේ නිරතව සිටින බවයි එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඔවුන්ට එරෙහිව ඇති නඩු කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස ඉල්ලමිනුයි මෙලෙස උපවාසයක නිරත වන්නේ. දැනට කොළඹ - රිමාන්ඞ් බන්ධනාගාරය තුළ එල්.ටී.ටී.ඊ. රැඳවියන් 150 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ඔවුන්ට විවිධ චෝදනා යටතේ නඩු ගොනුකර ඇති බැවින් ඒවා නිරාකරණය කිරීම සඳහා යම් කාලයක් ගතවන බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
