ෆොන්සේකා නිදහස් කර ගැනීමේ සාකච්ජා අවසන් - අනෝමා.
2012 මැයි 17 බ්‍රහස්පතින්දා- පස්වරු 06:48
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අවසන් සාකච්ජාව පැවති බව අනෝමා ෆොන්සේකා හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළා. ඒ, හිරු ප‍්‍රවෘත්ති අංශය සමග විශේෂ දුරකතන සාකච්ජාවකට එක්වෙමින්. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස්ගේ නිවසේ ඊයේ (16) රාති‍්‍රයේ පැවති සාකච්ජාවේදී සරත් ෆොන්සේකාව නිදහස් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළ බවද ඇය මෙහිදී සඳහන් කළා. මේ, අනෝමා ෆොන්සේකා සහ හිරු ප‍්‍රවෘත්ති අංශය අතර පැවති දුරකතන සංවාදයයි.
මේ අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥයින් අද (17) යළිත් වරක් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ, ඉකුත් ජනාධිපතිවරණ සමයේදී යුද හමුදාවෙන් පැනගිය සෙබළුන් 10 දෙනෙකු ළඟ තබා ගනිමින් ඔවුන් රාජපාක්ෂික භාවයෙන් ඉවත් කිරීම පිළිබඳ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයී. ඒ අනුව ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනයේදී සිදුකරන බවයි මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ ප‍්‍රකාශ කළේ.
