උතුරු කොරියාව ගැන සාකච්ජාවට රටවල් 03 ක් එක්වෙයි.
2012 මැයි 17 බ්‍රහස්පතින්දා- පස්වරු 07:59
උතුරු කොරියාව පසුගියදා අත්හදා බැලූ න්‍යෂ්ටික මිසයිලය අසාර්ථකවීම සම්බන්ධයෙන් ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව අතර සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි. විදෙස් වාර්තා සඳහන් කළේ ලබන සඳුඳා දකුණු කොරියාවේ සෝල් නුවරදී මෙම සාකච්ජා පැවැත්වෙන බවයි. පසුගිය අපේ‍්‍රල් මස 13 වැනිදා උතුරු කොරියාව සිදුකළ න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම අසාර්ථක වුණා. එම තත්ත්වයත් සමග උතුරු කොරියාව යළිත් වරක් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සැරසෙනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළ නමුත් එවැන්නක් මෙතෙක් සිදුවී නැහැ.
