එජාපයෙන් සහ දෙමළ සන්ධානයෙන් ආණ්ඩුවට ඒකාබද්ධ ලිපියක්.
2012 මැයි 18 සිකුරාදා- පෙරවරු 07:57
දේශපාලන විසඳුමක් සඳහා වන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාව පිළිබඳ ඒකාබද්ධ ලිපියක් එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය විසින් ආණ්ඩුව වෙත යොමුකොට තිබෙනවා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. තේරීම්කාරක සභාවේ න්‍යාය පත‍්‍රය පිළිබඳ විපක්ෂ නායකවරයා පසුගියදා යොමුකල යෝජනාවට ආණ්ඩුව පෙරේදා ප‍්‍රතිචාර දක්වා තිබුණා. ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදී පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ අනුව, පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට විපක්ෂයේ සහභාගිත්වය සඳහා පරිසරය සකස් කිරිම වෙනුවෙන් යෝජනා කිහිපයක් ඊයේ ආණ්ඩුවට යොමුකල ලිපියට ඇතුළත් කර තිබෙනවා. 17 වැනි ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රමය යළි බලාත්මක කිරිම, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ සෑම පාර්ශවයක්ම පිළිගන්නා යෝජනා කි‍්‍රයාත්මක කිරිම එම ලිපියේ අඩංගු යෝජනා අතර වනවා. මෙම ඒකාබද්ධ ලිපිය සම්බන්ධයෙන් ආණ්ඩුව අද දිනයේ ප‍්‍රතිචාර දක්වනු ඇති බවටයි විපක්ෂයේ නායකයින් බලාපොරොත්තු වන්නේ. එම ප‍්‍රතිචාරය මත පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ සහභාගිත්වය පිළිබඳ දැනුම්දීමට නියමිතයි.
