ඉරානයට පහරදීමට ඇමරිකාව සූදානම්.
2012 මැයි 18 සිකුරාදා- පෙරවරු 08:23
ඉරානය විසින් න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරිමට දරන උත්සාහය වැළැක්වීම සඳහා ගනු ලබන අනෙකුත් සියලූ පියවර අසාර්ථක වුවහොත්, ඉරානයට පහරදීමට ඇමරිකාව සූදානම්. වොෂින්ටන් නුවර, ඊශ‍්‍රායල තානාපතිවරයා ඊයේ මෙම හෙළිදරව්ව කළේ ඉරානය සහ ලෝක බලවතුන් හයදෙනා ලබන බදාදා බැග්ඩෑඩයේදී සාකච්ඡාවකට සූදානම්ව සිටින විටයි. ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරිමට උත්සාහ කරන බවට ඇමරිකාව ඇතුලූ බටහිර රටවල් චෝදනා කරනවා. එහෙත්, ඉරානය කියා සිටින්නේ සිය න්‍යෂ්ටික බලාගාර සහ වෛද්‍ය කටයුතු සඳහා යුරේනියම් ඉන්ධන සකස් කරන බවයි. ඉරානයට එරෙහි යුධමය කි‍්‍රයාමාර්ගයක් පිළිබඳ අදහස අතහැර නොමැති බව ඇමරිකානු ජනාධිපති බැරැුක් ඔබාමා ද ප‍්‍රකාශ කළා. ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම පිළිබඳ වැඩිවශයෙන්ම බිය පළ කරන්නේ ඊශ‍්‍රායලයයි. මේ නිසා ඉරානයට පහරදීමට ඊශ‍්‍රායලය නිරන්තරයෙන් සූදානම්ව සිටිනවා.
