පාසල් 18 ක විදුහල්පතිවරුන්ට නඩු.
2012 මැයි 20 ඉරිදා- පස්වරු 03:54
ඩෙංගු මදුරුවන් බෝ කල ගම්පහ දිස්ත‍්‍රික්කයේ පාසල් 18 ක විදුහල්පතිවරුන්ට එරෙහිව නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ගම්පහ දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිතව සිදුකරන ලද පරික්ෂණවලින් එම පාසල්වල ඩෙංගු කීටයන් සිටි බවටයි අනාවරණය වී ඇත්තේ. ගම්පහ දිස්ත‍්‍රික්කයේ පුද්ගලික ආයතන 25 ක්, පාසල් 27 ක් සහ නිවාස සියයකට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ මෙම පාසල් 18 ම විදුහල්පතිවරුන්ට නඩු පැවරීමට කටයුතු කරන ලෙසයි. ඒ යටතේ මදුරු මර්දන වැඩසටහන නොසලකා හරින ලද පුද්ගලයින්ට රුපියල් 50,000 ක දක්වා දඩයක් හෝ මාස 6 ක සිරදඩුවමක් හෝ ලබාදිය හැකියි. ජාතික මදුරු මර්දන සතියේ අවසාන දිනය අදයි.
