අයි.පී.එල් කි‍්‍රකට් තරඟකළු ක‍්‍රීඩාවක් - ඉන්දියානු ආගමික නායකයෙක් කියයි.
2012 මැයි 20 ඉරිදා- පස්වරු 06:54
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය හෙවත් අයි.පී.එල්. කළු ක‍්‍රීඩාවක් බව ඉන්දියානු ආගමික නායකයෙකු වන යෝගා ගුරු බාබා රාම්දේව් පවසනවා. ඉන්දියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ අයි.පී.එල් තරග මගින් විනය විරෝධී කටයුතු සිදුවන බවයි. අයි.පී.එල් තරග අතරතුර කළු සල්ලි හුවමාරු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එබැවින් එය සමාජයට අහිතකර තත්ත්වයක් බැවින් එය නතර කිරීමට බලධාරින් පියවර ගත යුතු බවයි ඉන්දියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ. මේ අතර අයි.පී.එල් තරග මාලාවට අදාළව අද දිනයේදී තරගය 2 ක් පැවැත්වෙනවා. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම අතර තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටිනවා. රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගය අද(20) රාත‍්‍රියේදී පැවැත්වීමට නියමිතයි.
