සිරියාවට එරෙහි නේටෝ මැදිහත්වීමක් නැහැ.
2012 මැයි 21 සඳුදා- පෙරවරු 08:34
සිරියාවට එරෙහිව හමුදා ක‍්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බව නේටෝ සංවිධානයේ ප‍්‍රධානී ඇන්ඩර්සන් රස්මුසේන් පවසනවා. ඊයේ (20) නේටෝ සමුළුවේදී සිරියාව පිළිබඳ සාකච්ඡා කෙරුණු අවස්ථාවේදීයි ඔහු මේ බව ප‍්‍රකාශ කොට ඇත්තේ. කෙසේ වුවත් සිරියාවේ සිදුවන මිනිස් ඝාතන හෙළා දකින බව ඔහු එහිදී ප‍්‍රකාශ කළා. ජගත් සංවිධානය විසින් සිරියාවේ සාමය වෙනුවෙන් සිදුකරන විශේෂ ක‍්‍රියාදාමයන්ට සිය සහය පළකරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ. මේ වනවිට සිරියාවේ ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 12000 ක් පමණ මියගොස් තිබෙනවා.
