ෆොන්සේකා ගැන විපක්ෂය කියන කතා.
2012 මැයි 21 සඳුදා- පස්වරු 07:08
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාගේ නිදහස් වීම සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල ඒ පිළිබඳ ස්ථාවරය සම්බන්ධයෙන් අද (21) දිනයේ පැවති මාධ්‍ය හමුවලදී ප‍්‍රශ්න රැසක් යොමුවුණා. ජනතා විමුක්ති පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ අදහස් දැක්වුයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකයි. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී සරත් ෆොන්සේකා සමග සන්ධානගතව කටයුතු කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු එහිදී විමසා සිටියා.
එක්සත් ජාතික පක්ෂයද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සරත් ෆොන්සේකාට නිදහස හිමිවීම පිළිබඳව අදහස් පළ කළේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලකයි.
මේ අතර, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක දඹුල්ල - රංගිරිපාය විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් සරත් ෆොන්සේකාට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපතිවරයා කි‍්‍රයා කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
