ලංකාවට දෙන සහය මදි - කටාර් එමීර්වරයා.
2012 මැයි 21 සඳුදා- පස්වරු 07:09
ශී‍්‍ර ලංකාව වේගවත් සංවර්ධනයක් කරා ළඟා වනු දැකීම කටාර් රාජ්‍යයේ අරමුණ බව එරට එමීර් ෂෙයික් හමාඞ් බින් කලිෆා අල්තානි පවසනවා. ඒ සඳහා කොන්දේසි විරහිතව සහය ලබාදීමට තමන් සූදානම් බවයි එමීර්වරයා ප‍්‍රකාශ කර ඇත්තේ. කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ (20) පැවති සාකච්ජාවකදී ඔහු මේ බව සඳහන් කළා. ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කටාර් රාජ්‍යය මේ වනවිට ලබාදී ඇති සහය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව එරට එමීර්වරයා ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා. එමෙන්ම, ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කි‍්‍රයාදාමය පිළිබඳව තම රට ඕනෑකමින් බලා සිටින බවත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවට ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බවත් කටාර් එමීර්වරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත ප‍්‍රතිඥාවක් ලබා දුන්නා.
මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට ක‍්‍රීඩා ඇකඩමියද ඊයේ (20) පස්වරුවේ නිරීක්ෂණය කළා. අක්කර 800 ක භූමි භාගයක පිහිටි මෙය පාපන්දු ක‍්‍රීඩාංගන 15 ක් මෙන්ම අංග සම්පූර්ණ ක‍්‍රීඩාගාරයක් සහ පුහුණු මධ්‍යස්ථානයකින් සමන්විතයි. වසර දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සාදා නිමකර ඇති මෙම කී‍්‍රඩා ඇකඩමියේ සියලූ කී‍්‍රඩා ඉසව් එකම ස්ථානයකදී පැවැත්විය හැකි ලොව එකම කී‍්‍රඩා මධ්‍යස්ථානය ලෙසයි සැලකෙන්නේ.
