ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය මෙරටට අහිමි වෙයි.
2012 මැයි 21 සඳුදා- පස්වරු 07:17
මෙරට පැවැත්වීමට නියමිතව තිබූ 15 වන ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය අත්හිටුවීමට ආසියානු මලල කී‍්‍රඩා සංගමය තීරණය කොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන ලිපිය අද (21) ආසියානු මලල කී‍්‍රඩා සංගමය විසින් මෙරට මලල කී‍්‍රඩා සංගමය වෙත යොමුකළ බවයි කී‍්‍රඩා අමාත්‍යාංශය පවසන්නේ. පසුගියදා පැවති ආධුනික මලල කී‍්‍රඩා සංගමයේ නිලවරණය දූෂිත බවට එම සංගමයේ මීට පෙර පරිපාලනය විසින් ආසියානු මලල කී‍්‍රඩා සංගමයට කළ පැමිණිල්ලකට අනුවයි මෙම අත්හිටුවීම සිදුකර ඇත්තේ. එම පැමිණිල්ල පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණයකින් අනතුරුව මෙම කී‍්‍රඩා උළෙල පවත්වනවාද යන්න නැද්ද තීරණය කරනු ඇති. කෙසේ වූවත්, ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය සඳහා පෙර සූදානම සිදුවූ ආකාරය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද ආසියානු මලල කී‍්‍රඩා සංගමය ඉල්ලා තිබෙනවා. 15 වන ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය ලබන ජුනි 09 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණා. ආසියානු මලල කී‍්‍රඩා සංගමය ගත් මෙම තීරණය පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේගෙන් විමසීමක් කළා.
