පාකිස්තානය සහ නේටෝව අතර මතභේද.
2012 මැයි 21 සඳුදා- පස්වරු 07:19
ඇෆ්ගනිස්ථානයේ සිටින නේටෝ හමුදාවලට පාකිස්තානය හරහා සැපයුම් සිදුකිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අර්බුදයක් පැන නැගී තිබෙනවා. දැනට චිකාගෝ නුවර පැවැත්වෙන නේටෝ නායකයන්ගේ සමුළුවේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේද ඒ පිළිබඳවයි. ඇමරිකානු ඩ්‍රෝන් ප‍්‍රහාරවලින් පාකිස්තාන සෙබළුන් මියයෑමේ සිද්ධීන් සමග නේටෝව සහ පාකිස්තානය අතර අර්බුදය උත්සන්න වුණා. මේ නිසා ඇෆ්ගනිස්ථානයට සිය රට හරහා සැපයුම් සිදුකිරීම සඳහා පාකිස්තානය විසින් කොන්දේසි පනවා තිබෙනවා. ඒ පිළිබඳ දෙපාර්ශවය අතර මෙතෙක් එකඟත්වයක් ඇති වී නැහැ. චිකාගෝ නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට, නේටෝ රටවල් 28 ඇතුළුව රටවල් 50 ක පමණ නායකයන් එක්ව සිටිනවා. ඇෆ්ගන් ජනාධිපති කර්සායි සහ පාකිස්තාන ජනාධිපති අසීෆ් සර්දාරි ද ඊට ඇතුළත්.
