ශිල්පාට පුංචි පුතෙක්.
2012 මැයි 23 බදාදා- පෙරවරු 08:30
අද අපිට බොලිවුඞ් වලින් සුභම සුභ ආරංචියක් ලැබුණා. ශිල්පා ෂෙට්ටි පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක් වෙලා. හරි නම් ශිල්පා ෂෙට්ටිට ලබන මාසෙයි බබා ලැබෙන්න දින දීල තිබුණේ. ඒ කොහොම වුණත් අම්මයි පුතයි දෙන්නම හොදින් ඉන්නවා කියලයි ශිල්පගේ ස්වාමි පුරුෂයා කියන්නේ. ඒ අතර අපි තව රහසක් හොයා ගත්තා. ඒ තරුණ ගෑණු ළමයින්ගේ හිත් හොරා ගත්ත ජස්ටින් බීබ ගැන. ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් ගෑණු ළමයෙක් හොයා ගත්තට මොකද ජස්ටින් බයගුල්ලෙක්. ඔහුගේ තාත්තා කියන විදියට ජස්ටින් කළුවරට සෑහෙන බයයි. රෑට නිදා ගන්නෙත් ලයිට් එකක් දාලාලූ. ලෝක ප‍්‍රසිද්ධ වුණාට මොකද ජස්ටින් බීබ තවම අවුරුදු 18ක පුංචි කොල්ලෙක්.
