චින්තිගේ හුරතල් නාමය.
2012 මැයි 25 සිකුරාදා- පෙරවරු 08:27
හැමෝටම පුංචි කාලේ ආදරයට විවිධ නම් කියනවා. චින්තිටත් පොඩි කාලේ යාළුවෝ කිව්වේ මොකක්ද කියලා අපි ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වේ නෝටි බයි නේචර් කියලා ප‍්‍රසිද්ධ රැප් බෑන්ඞ් එකක් තිබ්බා. ඒ නිසා පොඩි කාලේ ඉඳලා තමන් රැප් සංගීතය පැත්තට කැමති නිසා යාළුවෝ නෝටි ගායක පාර්ටි බයි නේචර් කියලා නමක් පටබැඳලා තිබ්බ කියලයි. කොච්චර මහන්සිවෙලා හැදුව ගීත ජනපි‍්‍රය නොවුනාම චින්තිට මොකද හිතෙන්නෙ කියලත් අපි ඇහුවා. ඔහු කිව්වේ එහෙම හුගක් මහන්සි වෙලා හදපු ගීත ජනපි‍්‍රය නොවුනාම හිතට දුකක් ඇතිවෙනවා කියලා.
