කිං ඛාන්ගේ බොරු පොරොන්දුව.
2012 මැයි 30 බදාදා- පෙරවරු 10:30
ගොඩක් අය ඔහුට පනටත් වඩා ආදරෙයි. හැබැයි සමහරු නම් ඔහුට කතා කරන්නේ නපුරා කියලා. ඒත් මුළු ලෝකෙම මොහුව අඳුරන්නේ කිං ඛාන් කියලා. ෂාරුක් ඛාන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමනේ මේ පාර අයි.පී.එල්. තරගාවලිය ජයග‍්‍රහණය කළේ. ඉතින් ඒ සතුට සමරන්න මේ කට්ටිය පෙලපාලියක් සංවිධානය කරලා තිබුණ. ඒකට ෂාරුක් ඛානුත් සහභාගි වෙනව කියල කියපු හින්දා රසික රසිකාවියන්ගෙන් නම් කිසිම අඩුපාඩුවක් වුනේ නෑ. හැබැයි ඉතින් මේ කට්ටිය පැය ගානක් තිස්සේ කට්ට අව්වේ පාර දෙපැත්තට වෙලා බලන් හිටියට ෂාරුක් තියා ෂාරුක්ගේ සෙවනැල්ලවත් එතනට ඇවිත් නෑ.
