තේවලට මැද පෙරදිග කේන්ද්‍රස්ථානය වීමට ඉරානය සූදානම්.
2012 මැයි 31 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:17
ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන තේ සඳහා මැද පෙරදිග කලාපයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට ඉරානය සූදානම් බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය අබ්බාස් අරාසි මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතූ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සමග පැවති සාකච්ඡාවකදියි. ශ‍්‍රී ලංකා තේ අලෙවි කරන ඉරානයට මිලියන 300 ක වෙළඳපලක් හිමි අතර මැද පෙරදිග කලාපයේ වැඩිම ඉල්ලූමක් ඇත්තේ ශ‍්‍රී ලංකා තේවලටයි. එමෙන්ම ඉහළ යන තේ ඉල්ලූමත් සමග ශ‍්‍රී ලංකාවෙන් ඉරානයට අපනයනය කරන තේ ප‍්‍රමාණය විශාල ප‍්‍රමාණයකින් වැඩි කරන ලෙසද ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.
