ෂාහිද් ද? සල්මන් ද?
2012 මැයි 31 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:42
හීන් සීරුවේ ඉඳගෙන ෂාහිද් කපූර් හදන්නේ සල්මන් ඛාන්ව ගෙදර යවන්නද? බොලිවුඞ්වල කට්ටිය මේ දවස්වල කසු කුසු ගාන්නෙ ඒ ගැන. සල්මන් රඟපාපු ‘‘වෝන්ටඞ්’’ චිත‍්‍රපටියේ දෙවෙනි කොටස කරන්න යනවනේ. ඒක අධ්‍යක්‍ෂණය කරන්නේ ප‍්‍රභූ දේවා. ඔහු හිතාගෙන ඉන්නේ ‘‘වෝන්ටඞ්’’ දෙවෙනි කොටසට සල්මන් වෙනුවට ශාහිද් ව ගන්න. දෙන්නා ඒ ගැන හම්බවෙලා කථා කරලා. ඒ ගැන ෂාහිද් කියන්නෙ මේ වගේ කථාවක්. කවුරු මොන විදිහේ කටකථා පැතිරුවත් මං තාම මේ චිත‍්‍රපටියේ රඟපානවා කියලා තීරණය කරලා නෑ. ප‍්‍රභූ දේවා එක්ක වැඩ කරන්න නම් මං හරි කැමති. ඒ කොහොම වුණත් සල්මන් ඛාන්ගේ තැන ගන්න කාටවත් බෑ.
