ශ‍්‍රී ලංකා පාකිස්ථාන පළමු ඔ 20 ගැටුම අද.
2012 ජූනි 01 සිකුරාදා- පෙරවරු 07:53
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේදී අද (01) පැවැත්වෙනවා. මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිවුස් පන්දු යැවීමට සූදානමින් සිටින බවයි ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඊයේ සූරියවැව ක‍්‍රීඩාංගනයේ පැවති පුහුණුවීම් අතරතුරදී මාධ්‍ය වෙත සඳහන් කළේ. මීට අමතරව, ශ‍්‍රී ලංකා කණ්ඩායම් ක‍්‍රීඩකයින් 7 දෙනෙකු පසුගිය ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියට සහභාගි වූ ලැබූ අත්දැකීම් අද තරගයට මහගු ප‍්‍රයෝජනයක් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර අද තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරිමේ මානසිකත්වයෙන් තම කණ්ඩායමේ ක‍්‍රීඩකයන් පසුවන බව පාකිස්ථාන කණ්ඩායම් නායක මොහොමඞ් හෆීස් පවසනවා. තම කණ්ඩායම පුහුණුකරු ඬේව් වට්මෝර් යටතේ ලැබූ දැඩි පුහුණුව ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.
