ලෝකයේ රන් මිල පහළට.
2012 ජූනි 01 සිකුරාදා- පෙරවරු 07:54
ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල දැන් පහත වැටීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් යුරෝපාකරයේ ණය අර්බුදය මෙලෙස රන් මිල පහත වැටීමට හේතුවයි. මේ මාසය තුළ රන් මිල සියයට 6 කින් පහත වැටුණු අතර පසුගිය මාස 4 තුළම මෙලෙස රන් මිළ පහත වැටී තිබෙනවා. ඒ අතර ඇමරිකානු ඩොලරයේ අගය පසුගිය මාසය තුළ සියයට 5 කින් ඉහළ ගියා. ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක් ඊයේ දිනයේදී අලෙවි වූයේ ඇමරිකානු ඩොලර් 1554 යි ශත 72 කටයි. ඉන්දියාව විසින් ද රන් ආනයනය කිරිම දැන් පහත වැටී තිබෙනවා. ඉන්දීය රුපියලේ අගය අවප‍්‍රමාණ වීම සහ රන් ආනයනය සඳහා ඉන්දියාව පැන වූ තීරු බදු ඊට හේතුවයි. ලෝක වෙළඳපොලේ රන් මිල මීට වසර 12 කට පෙර පැවති ලෝක ආර්ථික අර්බුදය හමුවේ ද පහත වැටුණේ මේ ආකාරයෙන්.
