ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කී‍්‍රඩකයින් වර්ජනයකට යන ලකුණු.
2012 ජූනි 02 සෙනසුරාදා- පස්වරු 06:58
තමන් වර්ජනයකට සූදානම් වන බව ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ සම්මේලනය පවසනවා. එහි සභාපති පෝල් මාෂ් විදෙස් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලය තුළ පැවති කි‍්‍රකට් තරගවලදී කී‍්‍රඩකයින් දැක්වු විශේෂ දක්ෂතාවයන්ට අදාළ ගෙවීම් සිදුකිරීම බලධාරීන් විසින් පැහැරහැර ඇති බවයි. ඒ අනුව මෙම තීරණයට එළැඹි බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය ප‍්‍රකාශ කරන්නේ බලධාරීන් මෙම ගැටලූවට ජුලි මස පළමු වන දිනට පෙර විසඳුම් ලබානොදුනහොත් එංගලන්තය සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලිය සහ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන් සහභාගී නොවනු ඇති බවයි.
