උතුරු නයිජිරියාවේ දේවස්ථානයකට බෝම්බ ප‍්‍රහාරයක්.
2012 ජූනි 03 ඉරිදා- පස්වරු 05:04
උතුරු නයිජිරියාවේ දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ බෝම්බ ප‍්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි. අද (03) උදෑසන දේව මෙහෙය පවත්වන අවස්ථාවේදීයි මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ. එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ නයිජිරියානු රජය විරුද්ධ කැරළිකරුවන් විසින් මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි. වෑන් රථයක් තුළ මෙම බෝම්බ සඟවා තිබූ බවට දැනට අනාවරණය කරගෙන තිබෙනවා.
